ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ සඳහා පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය විජිතපුර විමලරතන ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය නාබිරිත්තන්කඩවල ඥාණරතන ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආචාර්ය කඩවත්ගම පියරතන ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටී බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.