සියලු ජාතීන්ගේ එකඟතාවයෙන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් දැකියහැකි නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසති.
පැපිළියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරස්ථානයේ ඊයේ (30දා) පැවැති කඨින පූජෝත්සවයේදී දේශනාවක් කරමින් උන්වහන්සේ මෙම අදහස් දැක්වූහ.
ගැටුම් නිරාකරණය පිළිබඳ ගැඹුරින්ම දේශනා කළ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ බවත්, ගැටුම් නිරාකරණයට විවිධ ක්‍රමවේද තිබිය හැකි වුව ද බෞද්ධ ප්‍රතිපත්තිය වනුයේ, කිසිම ජීවිතයක් විනාශ නොකිරීම මෙන්ම කිසිම ජීවිතයක් විනාශවන්නට ඉඩ නොතබමින් ගැටුම් නිරාකරණය කර ගැනීම බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.