ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදුකළ ඉල්ලීමක් අනුව මෙරට තුළ ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීම සඳහා නෝර්වේ රජයේ තාක්ෂණික සහය හිමිව තිබේ.
මෙරට ජාතික ධීවර ප්‍රතිපත්තිය සැකසීම සඳහා සහය ලබාදීමට නෝර්වේ රජයේ විශේෂ නියෝජිතයන් පිරිසක් පසුගියදා දිවයිනට පැමිණ තිබේ.
දැනට ලෝකයේ විශිෂ්ටතම ජාතික ධීවර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ නෝර්වේ රාජ්‍යයේ වන අතර ධීවර කර්මාන්තය තුළ අන්තර්ජාතිකව පිළිගත් නව තාක්ෂණය භාවිත කරන රට වන්නේ ද නෝර්වේ රාජ්‍යයේ බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.