බස්නාහිර පළාත් සභා මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් මැතිවරණ ව්‍යාපාරය සඳහා ජාතික ධජ යොදාගනිමින් සිටින බවට කැෆේ සංවිධානය පවසයි.
එසේම ගරාජ් අංක සහිත වාහන භාවිත කිරීමද තවදුරටත් සිදුවන බවද කැෆේ සංවිධානය පෙන්වාදෙයි. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපි මගින් දැනුවත් කිරීමටද කැෆේ සංවිධානය කටයුතු කොට ඇත.