ජාතික තරුණ ප්‍රතිපත්තිය එළිදැක්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14දා) ප.ව. 6.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. වසර තුනකට අධික කාලයක් මුළුල්ලේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල දායකත්වයෙන් ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස්කර ඇත.
තරුණ ප්‍රජාවගේ සහ රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා එකතු කර යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මේ සඳහා දායක වී තිබේ.
රජයේ මැති ඇමතිවරුන්, දිවයිනේ තරුණ තරුණියන් පන්සියයක් මෙන්ම විදෙස් තරැණ නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.