ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා හෙට(27) සිට ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 346ක් කේන්ද්‍ර කර ගනිමින් එම සතිය තුළ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වන අතර 28 සහ 29 යන දිනවල පාසල් කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් සැලසුම් කර ඇත.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, මඩකළපුව සහ යාපනය යන දිස්ත්‍රික්ක ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.