ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකර, එකම පාසලේ වසර 10 ට වැඩි කාලයක් සේවය කළ ජාතික පාසල්වල ගුරුවරුන් මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය අවලංගු කර, ජාතික ගුරුමාරු මණ්ඩල ප්‍රතිපත්තියට අනුව ගුරුවරුන් මාරු කිරීමට අධ්‍යාපන ලේකම්වරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අත්තනෝමතික තීරණයකට අනුව ජාතික පාසල්වල ගුරුමරු 500 ක් පමණ මේ වනවිට සිදුකර තිබෙන බවත්, ඔවුන්ට තමන්ට සිදු වූ ආසාධාරණය වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බවට අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා පොරොන්දු වූ බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මෙම පොරොන්දු ලබාදීම සිදුකළේ ජාතික ගුරුමාරු මණ්ඩල ක්‍රියාත්මක නොකර ගුරුවරුන් මාරු කිරීමට එරෙහිව ඊයේ (22දා) අධ්‍යාපන ලේකම්වරයා සමග ගුරු වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවලින් පසුව බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා දැනට අත්තනෝමතික මාරුකිරීම්වලට හසු වූ සියලුම ගුරුවරුන් අභියාචනා ඉදිරිපත් කරන ලෙසද ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි.