මීළඟ අවුරුදු 5 දි ජාතික ආදායම දෙගුණ කරන බවත් රැකියා ලක්ෂ 10 බිහි කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මාතර පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (26දා) පැවති සංහිඳියාවේ සූර්ය මංගල්‍ය ජාතික යෞවන බක්මහ උලෙළේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් ඒ මහතා එසේ පැවසීය.
"අවුරුදු 10 ට පස්සේ අපි ජීවන වියදම අඩු කළා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති වුණාට පස්සේ දූෂණ නැති කර ජීවන වියදම අඩු කළා. ඒකෙන් සිංහල අවුරුද්ද හැමෝම හොඳට සැමරුවා. ඒ වගේම අපේ රටේ තරුණයන්ට ප්‍රශ්න තියෙනවා. ඔවුන්ට ඉදිරියට යන්න නම් අධ්‍යාපනය හැදෙන්න ඕන. හොඳ වැටුපක් තියෙන රැකියාවක් තියෙන්න ඕන. මේ ටික ඔක්කොම දින 100 කින් කරන්න බැහැ.
මේ කෙටිකාලීන සදීලා පසුව දීර්ඝකාලීන සහන සඳහා යන්නයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම අපේ ජනතාවගේ ආදායම මීළඟ අවුරුදු 5 දි දෙගුණ කරන්න ඕන. ඒ හැම දෙයකටම වඩා මම කරන්න ඉන්නෙ මේ රටේ ඊළඟ අවුරුදු 5 දී රැකියා ලක්ෂ 10 ක් බිහිකරනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි මමයි අලුත් පාර්ලිමේන්තුවක් හදලා සියලු පක්ෂ ඒකරාශී කරගෙන මේ රට සංවර්ධනය කරන්න යන ගමනට මුල පුරන්න බලාපොරාත්තු වෙනවා."
ඡායාරූප ප්‍රදීප් පතිරණ