තමන් ජාතික ආණ්ඩුවකට විරුද්ධ බවත්, මෛත්‍රී - මහින්ද යන මහත්වරු එක්කොට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම බලාපොරොත්තුව බවත් සන්ධාන මහලේකම් මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
ඊයේ (30දා) වරකාපොළ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"මම අනිත් අය වගේ පක්ෂය පාවාදෙමින් එක්සත් ජාතික පක්ෂය යටතේ තනතුරු ලබාගන්න යන්නේ නෑ. කැමති අය ගිහින් ගන්න. අපි එදා ඉදන් රැකගෙන ආපු පක්ෂය අතැර යන්නේ නෑ. " යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවැසීය.