ජාතික ආණ්ඩුව ඉදිරියටත් යායුතු බවත් ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබද සලකා බලා තීන්දුවක් ගන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
පළාත් පාලන ඡන්දය සහ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (14දා) යාපනයේදී පැවැති අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
“ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තෙක් රජයකට එකතු නොවීම දෙමල ජාතික සන්ධානයේ ස්ථාවරය වුවත් වත්මන් දේශපාලන තත්වය ගැන සිතා තීන්දුවක් ගන්න ගන්න පුලුවන්.
විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරලා තියෙනවා ජාතික ආණ්ඩුව ඉදිරියට යෑම පිළිබදව කිසිඳු ගැටලුවක් පේන්න නෑ කියලා. මොකද මෙම මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අනුව එහෙම කියන්න පුළුවන්. ජාතික ආණ්ඩුව ඉදිරියට යා යුතුයි කියන එකයි අපේ මතය. නමුත් එහි වෙනස්කම් සිදුවිය හැකියි. එලෙස වෙනසක් ඇති වුණොත් විශේෂයෙන් විපක්ෂ නායකතුමාගෙන් සිංහල මාධ්‍යයන් ප්‍රශ්න කරලා තියෙනවා සහය දක්වනවාද කියලා. කවුරුන් හෝ එලෙස යෝජනාවක් ඉදිරිපත් කළොත් එය සලකා බලන්න කලින් තිරණයක් ප්‍රකාශ කිරීම වැරදියි.
අපේ ජාතික ප්රශ්නය විසඳුමක් ලැබෙන තාක්කාල් අපි රජයට එකතු වෙන්නේ නැහැ කියන එක අපේ අරමුණක්. නමුත් යෝජනාවක් ආවොත් අපි සලකා බලනවා. දකුණේ වෙනසක් සිදුවුණොත් එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදීමට බලපානවා. එවැනි අවස්ථාවකදී සියල්ල ඉවරයි කියලා අපට වහලා තියන්න බැහැ. අපි ඉදිරියටත් ඒකට උත්සාහ කරනවා. 2010 - 2015 රාජපක්ෂ ආණ්ඩු සමයේදී අප සාකච්ඡා කළා. මෙය බාධකයක් වුවත් අපි ඒකට මුහුණ දෙනවා.”