නව දේශපාලන සම්ප්රදායක් ඇතිකරමින් නිර්මාණය වූ ජාතික ආණ්ඩුව මේ වනවිට රටට බොහෝ දේ අත්කර දී තිබෙන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි.
මීට අමතරව ජනතාවට පොරොන්දු වූ තවත් වැඩකොටස් ගණනාවක් සිදුකිරීමට තිබෙන බවත්, එළැඹෙන වසර දෙක තුළ එම ජයග්රහණ ජනතාවට අත්කර දෙන බවත් හෙතෙම පවසා සිටියේය.
රටට තිබූ ප්රධාන ප්රශ්නය ණය බර බවත්, පොරොන්දු වූ ආකාරයට මෙම පරම්පරාවේදීම රට ණය බරින් නිදහස් කර දෙන අතර, ඊට අදාළ කටයුතු දැනටමත් සිදුවෙමින් තිබෙන බවත් අග්රාමාත්යවරයා පවසා සිටියේය.
අද (06දා) යෙදී තිබූ එක්සත් ජාතික පක්ෂ 71 වැනි සංවත්සරයට සහභාගි වෙමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතහිදී ආගමික වතාවන් පවත්වා පක්ෂයේ හිටපු නායකයන්ට පුෂ්පෝපහාර දක්වා සංවත්සරයේ මූලික කටයුතු සිදුකෙරිණි.
මීට අමතරව ප්රධාන සංවත්සර උත්සවය මේ මස 10 වැනිදා රත්නපුර සීවලී ක්රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, එය පක්ෂ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙයි.