ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය, මහා පොත් සල්පිල හා සම්මන්ත්රණ මාලාව ඊයේ (02දා) බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, එය ලබන 11 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පාසල්, පුස්තකාල ගුරු සිසුන් ඇතුළු මහජනතාවට විවෘතව තැබෙන බව පැවසෙයි.
වැඩකරන ජනතාවගේ දරුවන් වෙනුවෙන් සෑම වර්ෂයක මැයි 02 වැනිදා ජාතික අධ්‍යාපන පොත් ප්‍රදර්ශනය වාර්ෂිකව පැවැත්වෙන බවත්, එහිදී ඉතා සහන මිල ගණන් යටතේ සිංහල, දෙමළ, ඉංග්‍රීසී ග්රන්ථ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පවසා සිටියේය.
20% සිට 50% දක්වා වට්ටම් සහිතව ඉතා සහන මිල ගණන් යටතේ මෙම දැවැන්ත පොත් ප්‍රදර්ශනය මගින් පොත්පත් මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. ඒ අතර, විෂය නිර්දේශ, ගුරු අත්පොත්, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, ඇගයීම් වාර්තා, අතිරේක කියවීම් පොත්, පිරිවෙන් පොත් ආදී දෙස් විදෙස් කෘති රැසක් රාජ්‍ය ආයතනවල හා පෞද්ගලික පොත් ප්‍රකාශකයන්ගේ සහභාගිත්වය සහිතව මෙම ජාතික පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත හැක.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් මෙම ප්‍රදර්ශනය හා පොත් සල්පිල සංවිධානය කරනු ලබන අතර, විභාග දෙපාර්තමේන්තුව මගින් අ.පො.ස. සා/පෙළ හා අ.පො.ස උ/පෙළ යන විභාග පිළිබඳ දරුවන් දැනුම්වත් කරන සම්මන්ත්රණ මාලාවක් මෙම ප්‍රදර්ශනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදී විෂය ධාරාව සඳහා වන පළමු මුද්‍රිත පොත් කට්ටලය ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාන මහතා විසින් අධ්‍යාපන අමාත්‍යතුමා වෙත පිරිනැමීද මෙහිදී සිදු කෙරිණි.