ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොෂිකෝඩ් (Kozhikode) හි පැවැත්වෙන තුන්වැනි ජාත්‍යන්තර ආයුර්වේද (3rd Global Ayurvoda Festival) (GAF –III 2016) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගී වීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.
රටවල් 50 ක් නියෝජනය කරමින් ආයුර්වේද වෛද්‍යවරු සහ ආයුර්වේද ඖෂධ සමාගම්වල නියෝජිතයන් 5000 ක් පමණ සමුළුවට සහභාගී වන අතර, එය ජනවාරි මස 31 වැනිදා සිට පෙබරවාරි මස 04 වැනිදා දක්වා පැවැත්වෙයි.