ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා මැරයෙකු සේ ආයතනයේ සේවයෙකුට පහරදුන් බවත්, පහරකෑමට ලක්වූ සේවකයා රෝහල්ගත කර සිටියද සභාපතිවරයාගෙන් කට උත්තරයක්වත් ලබාගැනීමට පොලීසිය කටයුතු කර නොමැති බවත් පවසමින් අද (20දා) ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවයෝ උද්ඝෝෂණයක නිරත වූහ.
18 වැනිදා සිදු වූ මෙම පහරදීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියට පැමිණිලි කළද, අද (20දා) සවස් වනතුරු සභාපති රේණුක පෙරේරා මහතාගෙන් කටඋත්තරයක්වත් ලබාගෙන නොමැති බවත්, මේ නිසා සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහි නීති ක්රියාමාර්ග ගන්නා ලෙසත් උද්ඝෝෂණයේ නිරත සේවකයෝ පොලීසියෙන් ඉල්ලා සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා