වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සඳහා විශ්‍රාම දීමනා ප්රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් මෙය සංවිධානය කර තිබූ අතර, ප්‍රථම විශ්‍රාම ලාභීන් 40 දෙනා වෙත චෙක්පත් හා සහතිකපත් ප්රදානය ජනාධිපතිවරයා අතින් සිදුවිය.
කලාකරුවන්ගේ සුබසාධනය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන අතර, ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා රුපියල් ලක්ෂ 250ක මුදලක්ද ලබා දෙන ලදී.
පසුගිය වසර දෙකහමාර තුළ කලාකරුවන්ගේ රෝගී තත්ත්වයන්, අභාවයන් ඇතුළු සියලු අවස්ථාවල ලබාදිය යුතු දායකත්වය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.