මැන්චෙස්ටර් රඟහලේ පැවති ජස්ටින් බීබර් සංගීත ප්‍රසංගයක් අතරතුර රසිකයන්ගෙන් ලැබුණු නොනවතින හූවක් හේතුවෙන් බීබර් තම අත වූ මයික්‍රොෆෝනය බිම දමාගසා වේදිකාවෙන් නික්ම ගිය පුවතක් වාර්තා වෙයි.
බීබර් එක් ගීතයකින් පසුව අනෙක් ගීතය දක්වා සිදුකරන බැලඩ් ගායනයන් රසිකයන්ට අනවශ්‍ය හිසරදයක් වී ඇති අතර, ඔහු ඒ වෙනුවෙන් වැඩි කාලයක් ගැනීමට ප්‍රකෝප වූ රසිකයන් මේ ආකාරයෙන් ඔහුට හූවකින් ප්‍රතිචාර දක්වා තිබේ.
22 හැවිරිදි වියේ පසුවන බීබර් මේ සම්බන්ධයෙන් පසුව පවසා තිබුණේ, ජනතාව තමාට ගෞරවයක් නොදැක්වූ බවයි.
මේ ආකාරයේම සිදුවීමක් පසුගිය සතියේදීද ප්‍රසංගයක් අතරතුර සිදුව ඇති අතර, එහිදීද ඔහුගේ බැලඩ් ගායනයන් අතරතුර ප්‍රේක්ෂකාගාරය නොසන්සුන් වීම නිසා ප්‍රේක්ෂකාගාරයට නිහඬ වන ලෙස බීබර් පවසා තිබුණි.
කෙසේ වෙතත්, එවරද නොරිස්සුම් දෙන වාග් ප්‍රහාරයක් බීබර්ගේ මුවින් පිටවී තිබූ බව විදෙස් වාර්තා පවසයි.
කවදත් නොරිස්සුම් දෙන පුද්ගලයෙකු බීබර්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විවිධ මත සමාජජාල තුළ පැතිර තිබූ අතර, ඇතැම් අය පවසා තිබුණේ ඔහුට ගෞරව නොකරන මැන්චෙස්ටර් වෙත ඔහු යළි නොපැමිණෙනු ඇති බවයි.
ළමා ගායකයෙකු ලෙස කරළියට පැමිණ, නව යොවුන් වියට එළැඹෙන විටම විවිධ සමාජ විෂමාචාරයන්ට ගොදුරු වූවෙකු ලෙසින් ගායන ලොවේ හැසිරෙන බීබර් ලොව පුරා පුවත් මන්නෙකු ලෙසද ප්රකටය.