ජවිපේ ෆයිල් දෙයි
පසුගිය රජයේ ආයතන හා පුද්ගලයන් සිදුකළ බව කියන දූෂණ හා වංවාවන් පිළිබඳ තොරතුරු අලුතෙන් ස්ථාපිත කළ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාංශයට ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ අද (04දා) කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මිල්ග්‍රෝ ආයතනය, ජාතික ලොතරැයි මණ්ඩලය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ජල සම්පාදන මණ්ඩලය, ක්‍රීඩා අමාත්‍යාංශය හා හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ මූල්‍යමය ගනුදෙනු, මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන, දළදා මාලිගාවේ සිදුවූ වංචා හා දූෂණයන් පිළිබඳව, ඇවන්ගාර්ඩ් ඇතුළු පාර්ශ්ව කිහිපයක් පිළිබඳව මෙහිදී තොරතුරු ලබාදුන් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
“පසුගිය කාලයේ අපි තොරතුරු හොයාගත්ත ආයතන හා පුද්ගලයන්ට අදාළව ලිපිගොනු විස්සක් විතර සවිස්තරාත්මකව අද බාරදුන්නා. නව රජය බලයට පත්වුණාට පස්සේ රටේ ජනතාවගේ උනන්දුවක් ඇතිවුණා නාස්තිය, දූෂණය අල්ලස පිටුදකින්න. ඒ වෙනුවෙන් තමයි පක්ෂයක් ලෙස අපි කමිටු කිහිපයක් නම් කළේ. එයින් මහා පරිමාණ මට්ටමේ රජයේ ආයතනයවල හා පුද්ගලයන් සම්බන්ධ වූ මූල්‍යමය ගනුදෙනු පිළිබඳව ලැබුණු තොරතුරු අපි ආයතනයට බාර දුන්නා.” යැයි ඔහු පවසා සිටියේය.
එසේම මෙම ලිපිගොනු සඳහා කඩිනම් පරීක්ෂණයක් සිදුවුවහොත් ඉදිරියේදීත් තොරතුරු බාර දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

