ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර විසින් රචිත ග්රන්ථ 7ක් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම වළක්වාලන ලෙස ඉල්ලා රෝහණ විජේවීරගේ බිරිඳ වන ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු විසින් කොළඹ වානිජ මහාධිකරණයට නඩුවක් ගොනුකර තිබේ.
තම ස්වාමිපුරුෂයා වන රෝහණ විජේවීර විසින් රචිත කෘතිවල අයිතිය තමා සතු බවත්, එය ජවිපෙ විසින් මුද්‍රණය කිරීම,විකිණීම හා බෙදාහැරීම තුළින් තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය වන බවත් ඇය අධිකරණය හමුවේ පවසා ඇත.
ජවිපෙට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි චූදිතයින් ඉල්ලා ඇති අතර අදාළ පැමිණිල්ල විභාග කිරීම ලබන 27 සිදුකිරීමට නියමිත අතර එදිනට ජනතා විමුක්ති පෙරමුණට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.