ජනතා විමුක්ති පෙරමුණ දූෂණයට, වංචාවට එරෙහිව කටයුතු කිරීම නිසා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, රාජපක්ෂ කල්ලියේ හොරුන්ටත් වංචාවට දූෂණයට එරෙහිව කතා කිරීමට සිදුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
දූෂිතයන්ට, වංචනිකයන්ට දඬුවම් දීමට පැමිණි වර්තමාන ආණ්ඩුව දූෂණ, වංචා සිදුකළ බවත්, එයට එරෙහිව තම පක්ෂය ප්‍රබල මතවාදී ප්‍රහාරයක් එල්ල කළ බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අමතරව එදා සිටි හොරුන්ගේ දූෂණ, වංචා එළියට ගැනීමට සිදුකළ අරගලය නිසා රාජපක්ෂ මහතා ළඟ තබාගෙන සිටි ෆයිල් එළියට ගැනීමට හැකි වූ බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා දූෂණයට, වංචාවට එරෙහිව සිදුකළ සටන්පාඨය රටේම සටන්පාඨය වීම ජනතා ජයග්‍රහණයක් බවද ඔහු සඳහන් කළේය.