ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම 60%කින් අවසන් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ඉතිරි අපේක්ෂක ලැයිස්තු සඳහා වංචාවෙන්, දූෂණයෙන් තොර වැටුප් හා වෙනත් ලාභ ප්රයෝජන ප්රතික්ෂේප කරන ගම් මට්ටමින් ජනතාවට අවස්ථාව ලබාදීමට තීරණය කළ බවද එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
මේ අනුව තරුණ, කාන්තා, වැඩිහිටි ඕනෑම අයෙකුට මේ සඳහා ඉදිරිපත් විය හැකි බවත්, සියලුම අයදුම්පත් අංක 464/20, පන්නිපිටිය පාර, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට (ලියාපදිංචි තැපෑලෙන්) යොමුකරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියි.