ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් කණ්ඩායම් නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නත් මොරණරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී ආර්.එම්. ජයවර්ධන මහතාත් නම් කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්ක කණ්ඩායම් නායකයා ලෙස පළාත් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා පත්කර තිබෙන අතර, සෙසු අපේක්ෂකයන් තෝරා ගැනීමට ටිල්වින් සිල්වා, විජිත හේරත්, කේ.ඩී. ලාල් කාන්ත හා සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන්ගෙන් සැදුම්ලත් නාමයෝජනා කමිටුවක් පත්කර ඇත.
එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයන් තෝරා ගැනීම අද (14දා) සහ හෙට (15දා) දෙදින තුළ සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
මෙලෙස තෝරාගන්නා අපේක්ෂකයන්ගේ නම් 18 වැනිදා රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත අතර, එහිදී ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක ධුරයට ඉදිරිපත් කරන්නේ කවුද යන්නත් තීරණයකට එළැඹීමට නියමිත අතර දැනට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට එම අවස්ථාව හිමිවීමට නියමිත බවද වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකයන් තෝරාගැනීම අද රැස්වීමට නියමිත මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිත අතර, මේ අනුව නාමයෝජනා මණ්ඩලවලට ඇතුළත්වන්නේ කවුද යන්නත් තීරණයවීමට නියමිතය. පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව ඌව පළාත් මහ ඇමති අපේකෂකධුරය හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට හිමිවන බවද වාර්තාවේ.