ශ්‍රී ලංකාවේ ජලයෙන් විශාල ප්‍රමාණයක් ඇළ මාර්ග ඔස්සේ ගලායමින් අපතේ යන බවත්, භූමි ප්‍රමාණය මෙන් දස ගුණයක විශාලත්වයක පවතින ජලය නිසිපරිදි කළමණාකරණය කළ යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැති උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා අද (07දා) පෙරවරුවේ ඉහත අදහස් දැක්වීය.
එසේම වර්තමාන වාරි ඉංජිනේරුවරයෙකුට සමාන වාරි දැනුමක් රටේ පැරණි ගොවියන් සතුව පවතින බැවින් ගොවි ජනතාව සමස කටයුතු කිරීමේදී ඔවුන් සතුව පවතින දැනුම, අත්දැකීම් හා පරිණත බව කිසිවිටෙක බැහැර නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඩබ්.රත්නායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.