වැලිවේරියේ දී කළ උද්ඝෝෂණයට වෙඩි තැබීම අපරාධයක් බව ගම්පහ මහේස්ත්රාත් අධිකරණය අද ප්රකාශ කළේය. පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය කළ උද්ඝෝෂණයේදී දෙදෙනකු මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවත්, එක් අයකු මියගොස් ඇත්තේ පහරදීමකින් බවත් නිගමනය මෙහිදී නිගමනය විය.
එබැවින් මෙය අපරාධයක් බවට ගම්පහ ප්රධාන මහේස්ත්රාත් කාවින්දා නානායක්කාර මෙනවිය තීරණය කළාය.
2013 අගෝස්තු පළමු වැනිදා වෙඩි තැබීම සිදු වු අතර වෙඩි තැබීමෙන් තිදෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ.