ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ සිදුකරන අනවසර වැලි ගොඩදැමීම හේතුවෙන් පාරිසරික ගැටලු රාශියක් හා විදුලි වැටට හානි සිදුවෙමින් තිබෙන බව දේශීය වනාන්තර සුරැකීමේ සංගමය සඳහන් කරයි.
පොළොන්නරුව, නුවරගල හා පිහිටි වැට ග්‍රාම නිලධාරී වසම්වලට හා 72 ඇල ප්‍රදේශයට මායිම්ව වන උද්‍යානයේ ගංගාධර රක්ෂිතය තුළ මෙම ජාවාරම සිදුවන බවද එම සංවිධානයේ සභාපති අතික් නසීර් මහතා සඳහන් කළේය.
වැලි ජාවාරම්කරුවන් වනෝද්‍යානය තුළට වාහන ඇතුළු කිරීම සඳහා විදුලි වැට හානි සිදුකර තිබෙන බවත්, මේ හේතුවෙන් වන උද්‍යානය තුළ සිටින අලි ඇතුන් ගම්මාන කරා ගමන් කරන බවද පවසා සිටියේය.