ඇතැම් ප්රදේශවලට වර්ෂා තත්ත්වයන් ඇති වුවද, මහා පරිමාණ ජල මූලාශ 73ක් පිහිටි දිස්ත්රික්ක 14න් දිස්ත්රික්ක 10ක ජල මූලාශවල ජල මට්ටම 20%ට අඩු අගයක් ගෙන තිබේ.
මේ අනුව පුත්තලම දිස්ත්රික්කයේ ජල මූලාශවල ජල මට්ටම 3%ක් දක්වාත්, මොනරාගල, මඩකලපුව, අනුරාධපුර ජලාශ මූලාශවල ජල මට්ටම 11%ක් දක්වාත්, අනුරාධපුර, අම්පාර ප්රදේශවල ජල මූලාශවල ජල මට්ටම 13%ක් දක්වාත්, වවුනියාව, මන්නාරම ප්රදේශවල ජල මූලාශවල ජල මට්ටම 8%ක් දක්වාත්, ත්රිකුණාමලය, පොළොන්නරුව, මහනුවර ප්රදේශවල ජල මූලාශවල ජල මට්ටම 19%ක් දක්වාත් පහත වැටී තිබේ.
උපරිම ජල ධාරිතාවක් පෙන්නුම් කරනුයේ ගාල්ල දිස්ත්රික්කයේ ජල මූලාශවලින් වන අතර, එම ප්රමාණය 57%කි. එහෙත් එම ජල මූලාශවලින් විශාල ලෙස වගා කටයුතු සිදුනොවේ.