මේ වසරේ මුල් මාස 10 තුළදී ජල මූලාශ්‍ර අපවිත්‍ර කිරීමට කටයුතු කළ පුද්ගලයන් 229 දෙනෙකුට එරෙහිව පොලිස් නාවික කොට්ඨාසය නීතිය ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව නීතිවිරෝධී ආකාරයට යාත්‍රා මගින් විදේශගත වීමට උත්සාහ කළ පුද්ගලයන් 35 දෙනෙකුද මෙම ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, නීතිවිරෝධී ආකාරයට වැලිගොඩ දැමීම සිදුකළ 15 දෙනෙකුට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.