සැප්තැම්බර් මස පළමු වෙනිදා සිට එස්.එල්.එස්. සහතිකය නොමැති පානීය ජල බෝතල් ඇසිරීම, බෙදාහැරීම, ප්රවාහනය, ගබඩා කිරීම සහ අලෙවි කිරීම තහනම් කර තිබේ.
ඊට අදාළ විධිවිධාන 2015 ජුනි මස 11 වෙනිදා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයක් මගින් ප්රසිද්ධ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.
නීතිය ක්රියාත්මක වන දින සිට මෙම නීතිය කඩ කරන ආයතන හෝ පුද්ගලයින්ට එරෙහිව නීතිය කි්රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.