රජය සෑම අංශයකටම බදු පනවා පාරිභෝගිකයා පීඩාවට පත්කරමින් සිටින අවස්ථාවක ජල ගාස්තුවද වැඩි කිරීම ගහෙන් වැටුන මිනිසාට ගොනා ඇනීමට සමාන ක්‍රියාවක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.
ජලය පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍යම සේවාවක්වන අතර ජල ගාස්තුව වැඩි වීම නිසා හෝටල් හා බේකරිවැනි ආයතනවල අලෙවි කරන සියලුම භාණ්ඩවල මිල ඉහළය යාමක් සිදුවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
ජලසම්පාදන මණ්ඩලයේ පිරිවැය කළමනාකරණය කරනවා වෙනුවට එහි වියදම් ඉහළ යාම පාරිභෝගිකයාට පැටවීම කිසිසේත්ම අනුමත කල නොහැකි බවත් ජල සම්පාදන මණ්ඩලයට නියාමන අධිකාරියක් තවම ස්ථාපිත කර නැති බවත් ඔවුන්ට ජනතාව පීඩාව පත්කිරීමට ඉඩ දී රජය නිහඩව සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.