ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සිව්වැනි වරටත් එරට රාජ්ය නායක ධුරය සඳහා තරග වැදීමට සූදානමින් සිටින බව ඇය නියෝජනය කරන කන්සර්වටිව් පක්ෂය පවසයි.
62 වැනි වියෙහි පසුවන මර්කල්, ක්රිස්ටියන් ඩිමොක්රටික් යූනියන් මූලස්ථානයේ සිට මෙය නිල වශයෙන් දැනුම්දෙනු ඇති බවද පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ජර්මනියේ මහ මැතිවරණය ලබන වසරේ සරත් සෘතුව සමයේදී පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත්, මේ වනවිට මර්කල් වෙත පවතින ජනප්රියත්වයේ යම් පහළ යෑමක් තිබුණත්, ඇය වෙත සහාය දක්වන පිරිස් විශාල පිරිසක් සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.