ජර්මනියේ බර්ලීන් ගුවන් තොටුපොළ වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි සැකපිට අත්අඩංගුව ගත් සිරියානු ජාතික සංක්‍රමණිකයා සිරමැදිරිය තුළදී සියදිවි හානිකරගෙන ඇති බව එරට බලධාරීන් කියයි.
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් අනුබලය ලබා ඇති ජාබර් අල්-බකර් නමැති මොහු ජර්මනියේ, ලෙයිප්සිග් හි සිරමැදිරියක් තුළ මෙසේ ජීවිතක්ෂයට පත්ව සිටි බව සැක්සොනීස් ප්‍රාන්ත අධිකරන අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
දින දෙකක් පුරා පොලීසියට කට්ට් පනිමින් සිටි මොහු තවත් සිරියානු සංක්‍රමණිකයන් දෙදෙනෙකු සමග පසුගිය සඳුදා දිනයේදී පොල්සි අත්අඩංගුවට පත්විය.
මාස කිහිපයක් පුරා ජර්මානු පොලීසියේ උකුසු ඇසට මොහු ලක්ව සිටියත්, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය සෙනසුරාදා හදිසි වැටලීම සිදුකළ අවස්ථාවේදී ඔහු එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.
22 හැවිරිදි වියේ පසුවූ මොහු අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සිට ආහාර නොගෙන සිරමැදිරිය තුළ උපවාස කර ඇති බවද ජර්මානු මාධ්‍ය වාර්තා කරයි.
ජර්මනිය ඇතුළු යුරෝපය වෙත වැළ නොකැඩී පැමිණි සංක්‍රමණිකයන් සමග පසුගිය වසරේදී ජර්මනියට ඇතුළු වී ඇති මොහු, එරට තුළ සරණාගතයෙකු ලෙස රැඳී සිටීමේ අවස්ථාවද හිමිකර ගෙන තිබුණි.
ජර්මානු බුද්ධි අංශ පසුගිය සතියේදී නිකුත් කළ බුද්ධි වාර්තාවට අනුව ඔහු බර්ලීන් ගුවන් තොටුපොළ වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර සිට ඇති අතර, අන්තර්ජාලය තුළින් බෝම්බ නිපදවීමේ තොරතුරු ඩවුන්ලෝඩ් කර ඇති ඔහු, පුපුරණ ද්‍රව්‍ය තොගයක් ලබාගෙනද තිබී ඇත.