ජර්මනියේ හා කැනඩාවේ පුරවැසිකම් තිබෙන මන්ත්‍රීවරු ඉන්නවා
ජර්මනියේ සහ කැනඩාවේ පුරවැසිකම් තිබෙන පාර්ලිමේන්තු මන්තීවරුන් සිටින බවට නොනිල වශයෙන් තොරතුරු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි.
අද (02දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම ගීතා කුමාරසිංහ මහත්මිය අවංකකම පෙන්වා ගිණි මැලයට පැන ඇති බවත් ඔහු සඳහන් කළේය.
“ගීතා කුමාරසිංහ මැතිණිය සමග ස්ව්ට්සර්ලන්ත තානාපතිවරයා ප්‍රකාශකර තිබෙනවා ඇයි මේ ඔබට පමණක් මේ ප්රශ්නය තිබෙන්නේ. අහවල් ඇමතිවරයාත් අපේ රටේ පුරවැසියෙක් නේ කියල. නමුත් ඒ අය වංකව ‘ඔබ ද්විත්ව පුරවැසියෙක්ද?’ කියන ප්‍රශ්නයට ‘නැත’ යනුවෙන් පිළිතුරු දුන් නිසා ඔවුන්ගෙ මන්ත්‍රිධුරය බේරි තිබෙනවා. ගීතා කුමාරසිංහ මැතිණියට වුණේ අවංකකම පෙන්නා ගිණිමැලයට පැන්නා වගේ වැඩක්. ඒ නිසා මේ නීතිය අවංක කෙනාට දඩුවම්කරන වංක කෙනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය රැක දෙන අසාධාරණ නීතියක්.
අපේ රටේ පුරවැසි බව දරමින් වෙනත් රටක පුරවැසි බව දැරීම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නුසුදුසු කමක් උනාට අපේ රටේ වැදගත්ම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා මැහබැංකුවේ අධිපතිකම දරන්නනම් පුරවැසි කමවක් අවශ්‍ය නෑ.
ශලීල මුණසිංහ වැනි මහත්වරුන්ට, මහත්වරු කියන එක හරිද මන්දා රාජ්‍ය ආයතනවල සභාපතිකම් දරන්න පුරවැසියෙක් නොවීම ප්‍රශ්නය්ක වෙලා තිබුණේ නෑ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ලබාගැනීමේදී තමන් ද්විත්ව පුරවැසියෙක් බව ස්වේච්ඡාවෙන්ම ප්‍රකාශකිරීම නුසුදුසු කමක් වීම අසාධාරණ වන්නේ එලෙසයි.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


