ජර්මනියේ, නියුරෙන්බර්ග් සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය අසල පිපිරීමක් වාර්තා වන බව ජර්මානු මාධ්‍ය පවසයි.
උතුරුදිග බවේරියා හි සින්ඩෝර් නගරය ආසන්නයේ පිහිටි මෙම සංක්‍රමණික මධ්‍යස්ථානයට කිලෝමීටර් 200ක් පමණ ඔබ්බෙන් තිබූ සූට්කේස් එකක් මෙසේ පිපිරීමට ලක්ව ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති අතර සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ඔවුන් මහා පිපිරුම් හඬකින් තැතිගත් බවත්, පසුව අසල මාර්ගයක් අද්දර තිබූ ගිනිගෙන දැවෙන සූට්කේස් එක දුටු බවත්ය.
මේ වනවිටත් පිපිරීම සිදුවූ ස්ථානයට පොලීසිය ළඟා වී ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවන බවද ජර්මානු මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
ජර්මනිය තුළ ගෙවිගිය සතියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව හමුවේ ජර්මානු ජනතාව තැතිගෙන සිටින අතර, ජර්මනියේ ආරක්ෂාවද මේ වනවිට තරකර තිබේ.