ජර්මානියේ විදේශ බුද්ධි තොරතුරු ඒකකය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සහ ඔහුට පෙර එම ධුරය දැරූ හිලරි ක්ලින්ටන්ගේ දුරකථන සංවාදවලට හොරෙන් සවන් දී ඇති බව ජර්මානු මාධ්‍ය වාර්තාවකින් හෙළි වී තිබේ.
ජර්මනියේ Der Spiegel සඟරාව විසින් ගෙනහැර දක්වන එම වාර්තාවට අනුව මෙම දුරකථන සංවාද අහම්බයෙන් එම බුද්ධි ජාලය වෙත ලැබී ඇති අතර, ඒවා ඉක්මණින්ම විනාශ කර දැමීමට කටයුතු කර ඇති බවත් පැවසෙයි.
මෙම තොරතුර මාධ්‍යයේ වාර්තාවීමත් සමග ජෝන් කෙරී ජර්මානු විදේශ ලේකම් ෆ්රෑන්ක් වෝල්ටර්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
එමෙන්ම, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කල්ගේ දුරකථන සංවාද වෙත ඇමෙරිකාව හොර රහසේ සවන් දී ඇති බවට එඩ්වඩ් ස්නොව්ඩන් විසින් සිදුකළ පාපොච්චාරණය තුළ මතුව තිබූ දැඩි අර්බුදකාරී වාතාවරණය සමග මෙම මාධ්‍ය වාර්තාව ජර්මනියද දැඩි අපහසුතාවකට පත්කරන්නක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
එහිදී, Der Spiegel සඟරාව පෙන්වා දෙන පරිදි ජර්මානු බුද්ධි අංශ විසින් 2013 වසරේදි ජෝන් කෙරී විසින් සිදුකර ඇති සැටලයිට් දුරකථන සංවාදයක් පටිගත කර ඇත.