ජර්මන් සිංහ ධේනුවගේ පැටවුන් තිදෙනාම මියයති
- 26 06 2014
- 21:05
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික මනෝජ්
දෙහිවල සත්වෝද්‍යානයට ජර්මනියේ සිට ගෙන ආ සිංහ ධේනුව ඊයේ (25දා) බිහිකළ පැටවුන් තිදෙනාම මියගොස් ඇති බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පැටවුන් තිදෙනා බිහිකළ අවස්ථාවේදීම එක් පැටවෙකු මියගොස් තිබෙන අතර, අනෙක් පැටවුන් දෙදෙනා අද (26දා) මියගොස් තිබෙන බව වාර්තා වෙයි.
මෙම සිංහ ධේනුව පසුගිය පෙබරවාරි මාසයේදීද පැටවුන් සිවු දෙනෙක් බිහිකළ අතර, එයින් තිදෙනෙක් මියගියහ. එක් පැටවෙක් ජීවතුන් අතර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
