හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය රජයේ මතය නොවන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
ආණ්ඩුවට කිසිම හමුදාපතිවරයෙකු අපහසුතාවට පත්කිරීමට අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කළේය. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.