ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල පුද්ගලික වෛද්‍ය පීඨයකට ලබාදීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. රෝහල් 31 වැනි සංවත්සරයට එක්වෙමින් ඔහු ඉහත අදහස් දැක්වීය.
“පසුගිය කාලයේ තිබුණා ජයවර්ධනපුර රෝහල පුද්ගලික වෛද්‍ය පීඨයකට ලබාදෙනවයි කියලා. එහෙම කවුරුවත් ඉල්ලන්නෙ නැහැ. එහෙම දෙන්න තීන්දුවක් ඇත්තෙත් නැහැ. නමුත් මම එකක් කියනවා. ඒ කියන පිරිස් වෙතින් මම අහනවා මේක කොහොමද කොතලාවල පුද්ගලික පීඨයට ලබාදුන්නේ කියලා"