මහජන දේපළ ගසාකෑම් චෝදනා එල්ල වූ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනී ජයලලිතා ජයරාම් වැනි දැවැන්ත දේශපාලන චරිතයකට දඬුවම් කිරීමට හැකිවූයේ ඉන්දියාවේ පවතින සර්ව සාධාරණ අධිකරණ ස්වාධිපත්‍ය හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ මහතා එසේ පවසා සිටියේ, තමිල්නාඩුවේ මහඇමතිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් %අද^ කළ විමසීමකදීය.
එහිදී ඒ මහතා පවසා සිටියේ, ඉන්දියාවේ පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම විශේෂයෙන් එරට අධිකරණය ඉතාමත් ස්වාධීනව කටයුතු කරන බවයි.
මෙරටද එම තත්ත්වයට ගෙන ඒම සඳහා දහහත්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ බවත්, ඒ සඳහා එවකට පාර්ලිමේන්තුවේ සිටි දෙසීය විසිපස් දෙනාගෙන් දෙසීය විසිහතර දෙනෙකු ඡන්දය දුන් බවත් ඔහු පැවසීය.