කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජෙයරාම්ගේ අනුරුවක් ගිනිතබා විනාශ කිරීමට ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයන් පිරිසක් අද (10දා) පෙරවරුවේ කටයුතු කළහ.
උතුරේ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට අගමැති නරේන්ද්‍ර සිං මෝදි වෙත කළ ප්‍රකාශයට විරුද්ධව මෙසේ විරෝධය පළකෙරිණි.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා, ඉහළ පොලිස් නිලධාරීන් බලා සිටියදී ජයලලිතා ජෙයාරාම්ගේ අනුරුව ගිනි තැබිණි.
මෙම අවස්ථාවට සාහිත්‍යසූරී වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.