අයථා ලෙස වත්කම් පරිහරණය කිරීමේ චෝදනා මත වසර 4ක සිරදඬුවම් නියම වී ඇති තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් විසින් කර්නාටක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (01දා) ඉදිරිපත් කළ ඇප අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ.
ඒ අනුව, එම ඇප අයදුම් පත්‍රය නැවත සලකා බැලීම ලබන 7 වැනිදා දක්වා කල්දැමීමට අධිකරණය තීරණය කර තිබේ.
වත්කම් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඇයට එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනා හේතුවෙන් මෙම ඇප ප්‍රතික්ෂේප වී තිබේ.
මේ දිනවල ඉන්දියාවේ පවතින නිවාඩු දින හේතුවෙන් කර්නාටක අධිකරණය සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා වසා දමා ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, නැවත ඇප සලකා බලන ලබන 7 වැනිදා රජයේ නිවාඩු දිනයක් වීමද විශේෂත්වයක් බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.