තමිල්නාඩු ප්රාන්තයේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් විසින් ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම්පත කර්ණාටක මහාධිකරණය විසින් අද (07දා) ප්රතික්ෂේප කර තිබේ.
ජයලලිතාට කොන්දේසි සහිතව ඇප ලබාදීමට විරෝධයක් නොමැති බව පැමිණිලිකාර පාර්ශ්වය විසින් ප්රකාශ කර තිබියදීත් අධිකරණය මෙසේ තීන්දුව ප්රකාශයට පත් කර තිබේ.
වසර 18ක කාලයක් විභාගයට ගත්, ඇයට එරෙහිව පැවරුණු දූෂණ චෝදනා නඩු විභාගයෙන් හිටපු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් වැරදිකාරිය හැටියට තීන්දු කෙරුණේ මීට සතියකට පමණ පෙරය.
එහිදී, ඇයව වසර 4ක සිර දඬුවමකට යටත් කෙරුණ අතර ඊට අමතරව ඉන්දියානු රු.කෝටි 100ක දඩයක්ද නියම කෙරුණි.