ජයලලිතාට ඇප ලැබෙයි - වීදිපුරා ජයඝෝෂා නැගේ
- 17 10 2014
- 19:23
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
වත්කම් අයථා ලෙස රැස්කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනාවලට වැරදිකරු බව තීන්දු කෙරුණු තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ට ඇප ලබාදීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (17දා) තීන්දු කළේය.
දකුණු ඉන්දියාවේ ප්‍රකට දේශපාලන චරිතයක් වූ ජයලලිතාට පසුගිය මාසයේදී වසර 7ක සිරදඬුවම් නියම කරන ලද්දේ අසාමාන්‍ය අන්දමින් වත්කම් රැස්කිරීමේ චෝදනාවට වැරදිකරු බවට පත්කරමිනි.
ජයලලිතා අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන කාන්තාවක බවත් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කොට ඇති බවත් පෙන්වා දුන් හිටපු මහ ඇමැතිනියගේ නීතිවේදීහු ඇප ලබාදෙන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ජයලලිතාට ඇප ලබාදීමේ පුවත සැලවීමත් සමග ඇගේ ආධාරකරුවන් වීදි බැස ජයඝෝෂා පවත්වමින් වීදිපුරා රතිඤ්ඤා දැල්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

