රෝහල්ගතව සිටින තමිල්නාඩු මහ ඇමතිනී ජයලලීතා ජයරාම් විසින් විශේෂ ලිපියක් තම ආධාරකරුවන් වෙත යොමුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
තමිල්නාඩුවේ ජනප්‍රිය දේශපාලන චරිතයක් වන ජයලලිතාගේ පක්ෂය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති එම ලිපියෙහි ජයලලිතා පවසා ඇත්තේ, තම ආධාරකරුවන් තමා වෙත සුවය පතා සිදුකළ හා සිදුකරන සියලු ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස තමා යළි උපන් බවයි.
එමෙන්ම, සුපුරුදු පරිදිම ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයේදී පක්ෂය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පසුබට නොවන ලෙසද එම ලිපියෙන් ඇය සිය ආධාරකරුවන්ගෙන් උදක්ම ඉල්ලා ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ලිපිය ඇගේ ආධාරකරුවන් ජයලලිතාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පසුවන දෙගිඩියාව දුරුකිරීමේ අරමුණින් සිදුකළ උපක්‍රමයක් විය හැකි බවටද විවේචන පවතී.
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි මහ ඇමතිනිය ඉන් දිනකට පසුව රෝහල්ගත කෙරිණි.
ආරම්භයේදී ඇය අධික උණ හා විජලනය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරු පැවසුවත්, පසුව ඇගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රසිද්ධ නොකෙරුණු අතර බොහෝ දෙනා දෙගිඩියාවෙන් පසුවිය.