ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තමිල්නාඩු ධීවරයන් හා ඔවුන්ගේ යාත්‍රා බේරාගැනීමට කටයුතු කරන ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත පවසා තිබේ.
ඇය ලිපියක් හරහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඉන්දීය ධීවරයන් බේරාගැනීම සඳහා ඉහළම රාජ්‍ය ත්‍රාන්තික උපාය මාර්ග ගන්නා ලෙසයි.
'ද හින්දු' පුවත්සේවය පැවසුවේ, ඉන්දීය ධීවරයන් 93ක් හා ඔවුන්ගේ ධීවර යාත්‍රා 62ක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පවතින බවයි.