එළඹෙන 13 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු-ලංකා ධීවර සාකච්ඡාවලට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය මංමෝහන් සිං මහතාට දැනුම්දී තිබෙන බව ‘ද හින්දු’ පුවත්සේවය පවසයි.
මේ වනවිට ඉන්දීය ධීවරයන් 177 දෙනෙකු හා ඉන්දීය බෝට්ටු 44ක් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් සාකච්ඡාවලට ප්‍රථමව සියලුම ඉන්දීය ධීවරයන් නිදහස් කළ යුතු බවත් මහඇමතිනී පවසයි.
මීට ඉහතදීද මේ කරුණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට ලිපියක් මාර්ගයෙන් දැනුම්දීමට ජයලලිතා කටයුතු කළත් එයට අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර නොදක්වා ඇත.