නව නාවික හමුදාපතිවරයා වශයෙන් ජූලි පළමුවැනිදා සිට වර්තමාන නාවික හමුදා මාණ්ඩලික ප්රධානී රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා පත්වෙනු ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
වර්තමාන නාවික හමුදාපතිවරයාගේ ධුර කාලය එලඹෙන 30 වැනිදායින් අවසන් වන අතර, ඔහුගෙන් පුරප්පාඩු වන නාවික හමුදාපති ධුරය සඳහා ජයන්ත පෙරේරා මහතා පත්වනු ඇත. ජයන්ත පෙරේරා මහතා වයිස් අද්මිරාල් ධුරයට උසස්කර තිබේ.