ශ්රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ බහලු මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසයි.
2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට මෙම බහලු මෙහෙයුම් වර්ධනය පවතින බවත්, ඒ අනුව ඔක්තෝබර් සියයට 5.3 % කින්ද, නොවැම්බර් මස 8.2% කින්ද, දෙසැම්බර් මස වනවිට 13.9% ක් ලෙසද මෙය වර්ධනය වී ඇතැයි වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
2015 සහ 2016 සහ වර්ෂවලදී ශ්රී ලංකා වරාය අධිකාරිය මගින් පාලනය වන බහාලු මෙහෙයුම් පර්යන්තවල බහලු මෙහෙයුම්වල අඩුවීමක් දක්නට ලැබුණු අතර, එය 2017 වර්ෂයේ තුන්වන කාර්තුව තෙක් පැවතී තිබේ.
එසේම කොළඹ වරාය බහලු මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළැඹෙමින් බහලූ මෙහෙයුම් මිලියන 6.2 සීමාව ඉක්මවීමට පසුගිය දෙසැම්බර් මස සමත්වූ අතර, එය 2016 වසර හා සංසන්දනය කරන විට 8.3%ක වර්ධනයකි.