තම සංවිධානයේ හලාල් අනුකූලතා සහතික නිකුත් කිරීමේ අංශය 2013 දෙසැම්බර් 31 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි නතර කිරීමට ජමියතුල් උලමා සංවිධානය තීරණය කර ඇති බව පවසයි.
ඒ වෙනුවට, ශ්රී ලංකාවේ ප්රකට, ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් වෙනම ආයතනයක් මගින් 2014 ජනවාරි 01 වැනිදා සිට මෙම කාර්යභාරය සිදුකරන බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මීට මාස කිහිපයකට පෙර ජාතික පුවත්පත් මගින් මේ සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබාගැනීමට කළ ඉල්ලීමේ ප්රතිඵලයක් ලෙස ශ්රී ලාංකීය සමාජ එකමුතුව හා ජාතික ආර්ථික සංවර්ධනයට ප්රමුඛතාවක් ලබාදෙමින් මෙම තීරණය ගෙන ඇති බවය.