ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෙනම කළමනාකරණ උපාධි ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස එම විශ්වවිද්‍යාලයේ පරිපාලනයට උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (26දා) උපදෙස් දී තිබේ.
අමාත්‍යවරයා මෙසේ උපදෙස් දුන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු සියලු ම පීඨාධිපතිවරු, මූල්‍යාධිකාරී, ගණකාධිකාරී ඇතුළු පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර දී ය.