ඉල්ලීම් දෙකක් මුල්කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් ආරම්භ කර තිබූ උපවාසය ඊයේ (25දා) රාත්‍රී 7.00ට පමණ අවසන් කර තිබේ.
ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලාට පනවා තිබූ අසාධාරණ පන්ති තහනම් කිරීම් ඉවත් කිරීම, නේවාසිකාගාර ගැටළු විසඳීම යන ඉල්ලීම් මුල්කරගනිමින් උන්වහන්සේලා දින 51ක් තිස්සේ උපවාසයක් ආරම්භ කර තිබුණි.
එම ඉල්ලීම් සඳහා නිසි පිළිතුරු ලබාදීමට පාලනාධිකාරිය එකඟවීමත් සමග භික්ෂූන් වහන්සේලා උපවාසය අත්හැර තිබේ.
තිලක් ඇල්විටිගල