ජපානයේ ටෝකියෝහි ශ්රී ලංකා තානාපති කාර්යාලය, ජපානයේ ශ්රී ලංකා සංගම් හා ශ්රී ලාංකික එකමුතුව සමග එක්ව සංවිධාන කළ සිංහල, දෙමළ අලුත් අවරුදු උලෙළ මෙවරත් පසුගියදා ටෝකියෝහිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මේ සඳහා ජපානයේ විවිධ ප්ර‘දේශ පුරා විසිරි සිටින ශ්රී ලාංකිකයන් සහ ජපන් ජාතිකයන් පන්දහසකට අධික පිරිසක් සහභාගී වූ අතර, උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස චෝෆු නගරයේ නගරාධිපති යොෂිකි නගටමෝ මහතා හා එම මහත්මිය සහභාගීවූහ.
ජපානයේ ශ්රී ලාංකික පුරවැසියා වන ජපානයේ ශ්රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්මා උත්සව සභාව අමතමින් කියා සිටියේ, මෙවැනි සාම්ප්රදායික ජාතික උත්සව විදේශයන්හි පැවැත්වීමෙන් බලාපොරොත්තු වනුයේ ජපානයේ සිටින ශ්රී ලාංකිකයන්ට සාම්ප්රදායිකව පැවැත්වෙන අවුරුදු උත්සවයකට ජපානයේදී සහභාගිවීමට අවස්ථාව සලසාදීම සහ ජපාන ජාතිකයන්ට ලංකාවේ සංස්කෘතිය පිළිබඳව යම් අදහසක් ලබාදීමත්, එමගින් ජපන් - ලංකා මිත්රත්වය තව තවත් ශක්තිමත් කිරීමට හැකි වන බවයි.